(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පිටිගල බඹරවාන පොල්ගහකන්ද රක්ෂිතයෙන් හොරට කැපූ වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 400 ක් සමඟ තිදෙනෙකු බඹරවාන උස්බිම් ජනපදයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
සැකකරුවන් මේ වෙනිවැල්ගැට තොගය ආයුර්වේද නිෂ්පාදන සමාගම්වලට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ බවද පොලීසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව මේ සැකකරුවන් ළග තිබී මේ වැනිවැල්ගැට තොගය අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd