ජුඩ් සමන්ත
වෙන්නප්පුව ගිංඔය ඉවුරේ තිබී හමුවී ඇති ජීව අත්බෝම්බයක් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (17) සවස පුපුරා විනාශ කර දැමීමට කටයුතු කළ බව වෙන්නප්පුව පොලීසිය කියයි.
ගම්වැසියෙක් ලබා දී ඇති තොරතුරකට අනුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් මෙම ජීව අත්බෝම්බය සොයා ගනු ලැබීය.
ආරක්ෂක අංශ විසින් භාවිතා කරන බව කියන චීනයේ හෝ පෘතුගාලයේ නිෂ්පාදනය කරන්නට ඇති බවට විශ්වාස කරන එම ජීව අත් බෝම්බය NR වර්ගයට අයත් බව පොලීසිය කියයි.
පසුගිය දිනවල ඇති වූ ගංවතුර සමඟ මෙම ජීව අත්බෝම්බය ගසා ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බවද පොලීසිය සඳහන් කරයි.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.