(සේනක බණ්ඩාර)
මීගලෑව පහළගම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙය තුළ සඟවා තිබූ මුවමස් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මීගලෑව වනජීවී කාර්යාලයට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළ අවස්ථාවේ රාත්‍රීයට පිසගැනීම සඳහා මුවමස් තොගයක් මුළුතැන්ගෙය තබා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
මීගලෑව පහළගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු රැකියාව වශයෙන් ලී ඉරීම සිදු කරන බව මීගලෑව වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසීය.
කහල්ල පල්ලේකැලේ රක්ෂිත මායිමේදී වෙඩි තබා මුවා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සැකකරු සමඟ මුවමස් තොගය ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.