
(යොහාන් භාසුර)
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීම සහ රුපියල් 1000 ක විශේෂ දීමනාව රුපියල් 7000 ක් දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (01) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් අද පෙවෙරුවේ රෝහල්වල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු, ඖෂධ ලබාදීම සහ එක්ස්රේ, ඊසීජී ඇතුළු සියලුම පරීක්‍ෂණ ආදී බොහෝ කටයුතු ප්‍රමාද විය.
සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ සේවකයෝ එහිදී විවිධ ඉල්ලීම් රැසක් ඇතුළත් පාඨ ඇතුළත් පුවරු ගෙන උද්ඝෝෂණය කළහ.
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd