IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහනුවර පීඩාවට පත් ජනයාට බවුසර් මගින් පානීය ජලය

(පී.එම් රාජපක්ෂ)

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින නියං තත්වයෙන් ජනතාව වෙත ඇති විය හැකි පීඩාව අවම කිරීම සදහා ජල බවුසර් යොදා ගනිමින් පානිය ජලය බෙදා හැරීමටද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ගඟ ඉහළකෝරලේ, අකුරණ, දෙල්තොට, පූජාපිටිය, තුම්පනේ, මැද දුම්බර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බවුසර් මගින් ජලය බෙදා හරිනු ලබන බව ආපදා කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් ඒ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කොට ඇති කඩිනම් දුක්ගැනවිලි සහන සම්බන්ධීකරණ කමිටුවට හෝ ආපදා කළමනාකර හා ආපදා සහන කටයුතු කමිටුව මගින් අවශ්‍ය සහාය ලබා ගත හැකි බවත් ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.



අදහස් (0)

මහනුවර පීඩාවට පත් ජනයාට බවුසර් මගින් පානීය ජලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site