IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා මාස ගණනකින් ගෙවලා නෑ

(බිඟුන් මේනක ගමගේ) 

සමෘද්ධි නිලධාරීන්ට හිමි ගමන් වියදම් දීමනාව හා කාර්යාල දීමනාව මාස ගණනක් තිස්සේ ලබා නොදීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සේවය කරන සමෘද්ධි කළමණාකරුවන් ඇතුලූ සමෘද්ධි සේවකයින් හට ගෙවීය යුතු මාසික ගමන් වියදම් දීමනාව මාස හතරක් තිස්සේ ද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් හිමි රුපියල් පන්සීයේ කාර්යාල දීමනාව මෙම වසර පුරාවටම ද ලබා දී නැතැයි එහ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි. 

2017 වසරට ගෙවීමට අනුමත වු කාර්යාල දීමනා සඳහා වු හිග මුදල් සමගින් අදාල ගෙවීම් කිරීමට රුපියල් ලක්ෂ 2800 ක් මුදලක් අවශ්‍ය වුවත් මෙතෙක් කිසිදු මුදලක් ඒ වෙනුවෙන් ලබා දී නැතැයි කී හෙතෙම අදාළ ගෙවීම් සඳහා අයවැයෙන් වෙන් වු මුදල් පවා මහාභාණ්ඩාගාරය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැතැයි චෝදනා කළේය.

පැවති ආණ්ඩු සමයේද සමෘද්ධි සේවකයින් හට මෙම ගැටලූව පැවතියේ යැයි ද එම ගැටලු විසඳන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ද මැති ඇමැති වැටුප් වැඩිකරගනිමින් පැරැණි පාරේම යමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (0)

සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා මාස ගණනකින් ගෙවලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site