IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සබරගමුව විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” සිසු අයිතියට

(ප්‍රින්ස් රත්නායක)
 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ සරසවි සිසුන් හට නේවාසිකාගාර 84 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 60 වන නේවාසිකාගාරය ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ සරසවි මැදුර සිංහරාජ VI - නේවාසිකාගාරය නොවැම්බර් 8 වැනි දා පෙරවරු 9.40 ට යෙදෙන සුබ මොහොතින් සිසු අයිතියට පැවරීමට නියමිතය. 
 
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ. මෙම සිව්මහල් නේවාසිකාගාරය සිසුන් 400 කට නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි ඉදිකර ඇත. මෙය මෙම සුබ සාධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ තෙවැනි නේවාසිකාගාරයයි.
 
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ශිෂ්‍ය සුභසාධනය උදෙසා ක්‍රියාත්මක කළ නේවාසිකාගාර ඉදිකිරීම අදියර 1 හා 2 යටතේ මේ වන විට ඉදිකොට සිසුන් වෙත ලබාදී ඇති නේවාසිකාගාර සංඛ්‍යාව 60 කි. අදියර 3 යටතේ නේවාසිකාගාර 24 ක් ද වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉදිකරනු ලබන මුළු නේවාසිකාගාර සංඛ්‍යාව 84 කි.

අදියර 3 යටතේ නේවාසිකාගාර 24 නේවාසිකාගාර ව්‍යාපෘතිය 2018 වසරේදී අවසන් කිරීමට නියමිතය.මෙම ව්‍යපෘතිය යටතේ වසරකට නේවාසික පහසුකම් සැලසෙන සිසුන් සංඛ්‍යාව 33,600 කි. සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රජය විසින් දරණ වියදම රුපියල් මිලියන 20,000 කි.  
 



අදහස් (0)

සබරගමුව විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 30 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site