(රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්මින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී එම පිරිස මසුන් අල්ලමින් සිට ඇති බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.