(එච්.චන්දන)
පුත්තලම මැල්ලන්කුලම ප්‍රදේශයේ සැරිසරමින් සිටි පිඹුරකු අල්ලා ගත් බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි.
මෙම ඒකකයට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයට ගිය වන ජීවී නිලධාරින් අඩි 9 පමණ දිග ,වයස අවුරුදු 10 පමණ විය හැකි මෙම පිඹුරා අල්ලාගෙන තබ්බෝව වනයට මුදා හැර තිබේ.
පුත්තලම වන ජීවී පාලන ඒකකය ස්ථාන භාර නිළධාරී අඩවි ආරක්ෂක කේ.බි බණ්ඩාර මහතා අතුළු නිළධාරිහු පිරිසක් මෙම පිඹුරා අල්ලා ගැනීමට සහභාගි වූහ.

COMMENTS
නියමයි. නියමයි. ඉතාම හොඳ වැඩක්. සතාත් බේරුවා. අපටත් කරදරයක් නැහැ. මතු මතුවටත් පලදෙන උතුම් අභයදාන පිංකමක්. ඔබ සියළු දෙනාටම උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා.