(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ තෝට්ටවේලී ජොෂප්වාස් නගර් හා කට්ඩුවාන් ප්‍රදේශවල ධීවරයින්ට මසුන් මැරීම සඳහා මුහුදු යාමට පනවා තිබූ අධිකරණ නියෝගය මන්නාරම මහේස්ත්‍රාත් ඒ,එම්.ඇලෙක්ස් රාජා මහතා විසින් ඉවත් කර තිබේ.
තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීමේ චෝදනාව මත මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම ධීවර තොටුපලවලින් මුහුදු ගිය ධීවරයින් 23 දෙනෙකුගේ මුහුදු යාමේ කටයුතු අධිකරණය මඟින් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
නිසි දැල් ආම්පන්න මිලට ගැනීමත් ධීවර නීතිරීති උල්ලංඝණය නොකොට මසුන් මැරීමේ කටයුතු වල නිරතවන බවටත් මෙම ධීවරයින් විසින් අධිකරණයට පොරොන්දුවීමෙන් පසුව ඔවුන්ට එරෙහිව තිබූ අධිකරණ නියෝගය අත්හිටුවා තිබේ.
අධිකරණ නියෝගය ක්‍රියාත්මක වූ මුළු කාලය පුරාම එම ධීවරයින්ගේ ධීවර යාත්‍රා එම ධීවර තොටුපලවල් අසල නතර කොට තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd