IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්තාවන් මුදලට විකුණා වැඩ වරදී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසක කලක සිට පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා , එහි සිටි කාන්තාවන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.

ඒ අතර නිවස හිමි කාන්තාව සහ මුදලට අලෙවි වෙන කාන්තාව ද සිටි බව පොලිසිය කියයි .

මෙම කාන්තාවන් දෙදෙනා කුළුපඟ මිතුරියන් වන අතර,  මුදලට අලෙවි වන කාන්තාවගේ ඉල්ලීම පරිදි , මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නිවස ලබාගෙන ,  කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව  පැවසෙ.

ඒ සඳහා පැමිණෙන එක් පුද්ගලයකුගෙන් පැයකට රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඇති අතර , නිවස හිමි කාන්තාවට ඉන් රුපියල් 500ක මුදලක් ලබාදී ඇතැයි පැවසේ.

මේ පිළිබඳව මත්තෙගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් , එම අවස්ථාවේ දී ද පුද්ගලයෙකුගේ  පැමිණීම අපේක්ෂාවෙන් සැකකාරියන් සිටඇති බවද පැවසේ.

මෙම ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ලැබෙන පරිද්දෙන් ,  තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයින්ට  අලෙවි ගෙන ඇතැයි ද පොලීසිය කියයි .

අත්අඩංගුවට ගත් කාන්තාවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

කාන්තාවන් මුදලට විකුණා වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 970 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site