
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන වැද්දාගල ප්‍රදේශයේදී වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් හාරසිය පනහක් ක් හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක් සමග සැකකරුවන් තිදෙනකු කලවාන අඩවි වන කාර්‍යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ලද තොරතුක් මත වෙනිවැල්ගැට වනයෙන් ඉවත් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ඔහුගෙන් ලද තොරතුරු අනුව ප්‍රදේශයේ නිවසක් වෙනිවැල්ගැට කැබලි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රය අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය.
මෙම වෙනිවැල්ගැට සිංහරාජ වනාන්තරය අවට පරිවාර වනාන්තර වලින් එකතු කල කොටස් බව සොයා ගත් බවත් සැකකරුවන් හෙට ( 18) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහරාජය මැද්දෙන් කැලේ කපලා පාරවල් කපන්න ජනපති අණ කරනකොට, සිංහරාජයේ පරිවාරක කැලේ වෙනිවැල්ගැට කැපුවමත් අත්අඩංගුවට ගන්න රටක් ලංකාව