(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 382ක් සහ මිලිග්‍රෑම් 3ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව අධි චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා අද (12) මරණ දණ්ඩනය නියම කළේය.
මරණ දණ්ඩනය නියම වුයේ අක්මීමණ පොලිස් වසමේ කුරුඳුවත්ත ගොනාමුල්ල පදිංචි සුදත් නිශාන්ත කෝමංගොඩගේ නමැති 51 හැවිරිදි විත්තිකරුවෙකුටය.
වර්ෂ 2001 මැයි 15 වන දින හෙරොයින් ග්‍රෑම් 382 මිලි ග්‍රෑම් 3ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව එදින අලුයම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විත්තිකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ නඩු විභාගයේදි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් තමාට බොරු නඩුවක් දමා ඇති බව ප්‍රකාශ කළත් පොලිස් නිලධාරින් විත්තිකරු සමග අමනාපයක් හෝ මෙයට පෙර හැඳිනීමක් හෝ වෙනත් ගැටලුවක් තිබු බවට අනාවරණය වී නොමැති බවය.
ඒ අනුව පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය. මරණ දණ්ඩනය නියම කිරීමට පෙර යමක් කීමට තිබේදැයි මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේ විත්තිකරු කියා සිටියේ තමා නිර්දෝෂී බවය.
විත්තිකරුගේ නීතිඥවරයා කරුණු දක්වමින් විත්තිකරු ඇප කොන්දේසි කඩ නොකර වසර 15ක කාලයක් අධිකරණයේ පෙනි සිටි බවත් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් එනිසා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. රජයේ අධි නිතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වුවාය.
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් ළඟ තබාගත්තාට මරණ දඬුවම