IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හම්බන්තොට මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධයක


(දිලිප් ජයසේකර)

නිලඇඳුම් දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙසත්, දින 180 සම්පූර්ණ සියලු ආදේශක සේවකයන් ස්ථිර කරන ලෙසත්,  රෝහල් කාර්ය මණ්ඩල සදහා අවදානම් දීමනාවක් ගෙවන ලෙසත් ඇතුළුව ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් හම්බන්තොට මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) කෑම පැය තුළදි රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
 
විරෝධතාවය සඳහා හම්බන්තොට මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් එක්ව සිටියහ. එහිදි විරෝධතාවයට එක්ව සිටි ඒකාබන්ධ සෞඛ්‍ය සේවා සංගමයේ හම්බන්තොට ශාඛාවේ සභාපති ඉංදික ජයලාල් මහතා මෙලෙස පැවසීය.
 
“රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය සදහා මේ වන විට ගෙවනු ලබන නිල ඇඳුම් දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නෑ. එය රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙසත්, ඒ වගේම පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සියලු ම රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් දැඩි අවදානමකට ලක්ව තියෙන නිසා සේවකයන් සඳහා විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙසත්, දින 180 සම්පූර්ණ කර සිටින සියලු ම ආදේශක සේවක සේවිකාවන් ස්ථිර කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් තමයි අපි අද මේ විරෝධතාවය පැවැත්වුයේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ සාධාරණ ඉල්ලීම් සඳහා  රජය සවන් දේවි කියලා” යැයි පැවසීය.



අදහස් (0)

හම්බන්තොට මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site