
(ඥාණදාස රන්මුතු)
හික්කඩුව නගරසභාවේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව අද(14) පෙරවරුවේ හෙන්නතොටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියසම් මහතා ඇතුළු සේවක පිරිසක් පැමිණ හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක මන්ත්‍රී ධම්මික ලාල් මහතාගේ නිවසේ වැටක් බැකෝ යන්ත්‍රයක් යොදවා බලහත්කාරයෙන් කඩා දමා, මන්ත්‍රීවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව ඔවුහු විරෝධය දැක්වූහ.
මෙම අවස්ථාවට සමගි බල වේගයේ රත්ගම සංවිධායක ආර්.පුෂ්පකුමාර, බද්දේගම සංවිධායක බන්දුල ලාල් බන්ඩාරිගොඩ, කරන්දෙනිය සංවිධායක ජයන්ත ජයවීර, හික්කඩුව නගර සභාවේ මන්ත්‍රී සුගත් ලොකුගේ, රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන දුලාජ් තරංග, ඩී.එම්.පරාක්‍රම යන මහත්වරු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහ ආධාරකරුවෝ පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හික්කඩුව නගරසභා මන්ත්‍රීවරයෙකුට පහරදුන්නැයි විරෝධයක්