(එච්. චන්දන)
සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් වසර 8කට ආසන්න කාලයක් හොරෙන් ජලය ලබා ගත් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් සාලියවැව පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව විසින් සාලියවැව නගරයේ පිහිටා ඇති පුස්තකාලයට සහ පොදු වැසිකිලියට ජලය ලබාගන්නා, ජල මාර්ගය අතරමගදී පළුදු කර සැකකාර ගුරුවරයා විසින් තමන් විසින් පවත්වා ගෙන යන පන්තියට ජලය ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් ජයසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ වසර 8කට ආසන්න කාලයක් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් ලබා ගෙන ඇති ජලය සඳහා සාලියවැව ජල යෝජනා ක්‍රමයට මුදල් ගෙවා ඇත්තේ තම සභාවෙන් බවය.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නීල් වීරසිංහ මහතා විසින් 2013 වර්ෂයේදී සාලියවැව ජල යෝජනා ක්‍රමයට මගින් සැකකාර උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට මීටරයක් සවි කර ජල සම්බන්ධතාවයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලිඛිතව ඉල්ලීමක්ද කර තිබී ඇත. එම ලිපිය සන්තකයේ තබා ගෙන සැකකරු විසින් හොර රහසේ ජලය ලබා ගෙන පුද්ගලික උපකාරක පන්තිය පවත්වා ගෙන ගෙස් ඇති බව විමර්ශනවලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි.
සැකකාර උපකාරක පන්ති ගුරුවරයා, සාලියවැව ජල යෝජනා ක්‍රමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස ඉකුත් දිනක පත් කර ඇති බව ප්‍රදේශවාසීහු සහන් කරති. සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් අවුරුදු 8ක් හොරෙන් වතුර අරන්