IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වාහන හතක ව්‍යාජ අංක තහඩු - මෝටර් රථ දෙකක් අල්ලයි



( තිලකරත්න දිසානායක.)

වාහන හතක ව්‍යාජ අංක තහඩු සහ මෝටර් රථ දෙකක් සමග 56 හැවිරිදි පුද්ගලයෙකු ගම්පහ මූලස්ථාන පොලීසියේ දුෂණ මර්ධන ඒකකය මගින්  අත් අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් මත යක්කල , බෝගමුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ලැගුම් හලක තිබී ව්‍යාජ අංක තහඩු සහ කාරයක් සමග යුද හමුදා වෙන්දේසියකින් ලබාගත් ජීප් රථයක් මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බව දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා පැවසීය.

මෙහි තිබූ කාර් රථය කොටස් එකලස් කොට සකස් කරන ලද එකක් බව අනාවරණය වී ඇති අතර ව්‍යාජ අංක තහඩු යොදා යම් නීති විරෝධී ක්‍රියාවන් හෝ ජාවාරම් සදහා යොදා ගෙන ඇත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් අංක තහඩු හිමි වාහන හිමිකරුවන් සිටීද යන්නද සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

වාහන හතක ව්‍යාජ අංක තහඩු - මෝටර් රථ දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site