IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විභාග මධ්‍යස්ථාන අවට සිසුන්ට අත් පත්‍රිකා බෙදීම තහනම්


 
(ඉන්දිකා රාමනායක)
 
අපොස සාමන්‍ය පෙළ විභාගය අවසාන වී විභාග මධ්‍යස්ථාන වලින් පිටතට පැමිණෙන  දරුවන්   එක්රැස් කරමින්  ඇතැම්  පුද්ගලික  පන්ති වල පිරිස් පත්‍රිකා බෙදා බෙදීමේ   ක්‍රියාවන් වල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවත් එය   නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිමක් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට  විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව   පොලිස් නිලධාරීන් යොදා ඇති බවද අජිත් රෝහණ මහතා  කියා  සිටියේය.

අපොස  සාමාන්‍ය පෙළ සිසුන්  කෝවිඩ් ආසාදනයකින්  තොරව විභාගයට පෙනී සිටීමට  අවශ්‍ය  බවත්, මෙවැනි ක්‍රියා  හේතුවෙන්   සිසුන් එක් රැස් කිරීමෙන් සිසුන්ගේ   ජීවිත වලට කොවිඩ් තර්ජන එල්ල විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් තත්ත්වයෙන් සිසුන් ආරක්ෂා කර ගැනීම සදහා  එවැනි ක්‍රියාවන් වල නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් යෙදවා ඇති බවත්,  එලෙස අත්අඩංගුවට ගන්නා පිරිස වෙත නීතිය දැඩිව  ක්‍රියා කරන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

විභාග මධ්‍යස්ථාන අවට සිසුන්ට අත් පත්‍රිකා බෙදීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site