(ක.ග.කරුණාරත්න)
වනජීවී දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත පවරා ගනු ලැබූ තම ඉඩම් වගා කිරීම සඳහා නැවත ලබාදෙන ලෙස ඉල්ලා පොලොන්නරුව, වේරෝඩයාය සහ විලාඩිමඩුයාය යන ප්‍රදේශවල ගොවීහු පිරිසක් අද (10) උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
අක්කර 585 ක් පමණ වන මෙම කුඹුරු යායේ සිංහල, මුස්ලිම් ගොවි පවුල් 218 ක් පමණ දිවි රැක ගන්නා බව උපවාසයට එක්ව සිටින ගොවි ගෙවිළියෝ කියා සිටිති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර 4000කට ආසන්න ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන කුඹුරු අස්වද්දා සිටියදී වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයේ නඩු පවරා අධිකරණ නියෝග මත සන්තකය යළි පවරාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
ගොවි උපවාසයට ප්‍රදේශයේ ගොවි ගෙවිළියන් 12 දෙනෙකු පමණ අද (10) දහවල් වනවිට එක්ව සිටි බව පොලීසිය සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වනජීවියෙන් ගත් ඉඩම් ගොවිතැනට යළි ඉල්ලති