IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වත්තහේන මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක

(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

 

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලෝමීටර් 14 කින් යුත් වත්තහේන මාර්ගය පිළිසකර නොකිරීම හේතුවෙන් අපහසුතාවයකට පත්ව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් අද (11) යක්කලමුල්ල වත්තේහේනදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම මාර්ගය කාපට් කර මගී බස් රථ පවා යොදවන බවට බලධාරීන් දුන් පොරොන්දු පුස්සක් බවට පත් වී ඇති බවයි.

උඩුගම රෝහලට යෑමට ඇති විකල්ප මාර්ගයක් වන මෙම මාර්ගයේ ග්‍රාම නිලධාරි වසම් 9 ට අයත් ජනතාව ජීවත්වෙන බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

උද්ඝෝෂකයන් තවදුරටත් පවසා සිටියේ බලධාරීන් තමන්ගේ හඬට කන් නොදීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි. මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.



අදහස් (0)

වත්තහේන මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site