
(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ යකඩ පට්ටම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුපසට ධාවනය වූ ලොරි රථයකට යටවී එහි සේවය කළ ඉන්දියන් ජාතික පෑස්සුම් ශිල්පියෙකු අද (26) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ලක්නව් නුවර, උත්තර ප්‍රදේශයේ, කුසී නගරයේහි පදිංචි භාරති දිලිප් කුමාර් නමැති 40 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අද දහවල් කර්මාන්ත ශාලාවට පිවිසෙන බෑවුම් සහිත මාර්ගය අසල යකඩ පට්ටම් තොගයක් පාස්සමින් සිටියදී එකවරම මාර්ගයේ ඉහළ නවතා තිබූ මෙම ලොරි රථය පසුපසට ධාවනය වී මෙම පුද්ගලයා යට කරගෙන පසුපස තිබූ තාප්පයක් ද කඩාගෙන ගොස් අනතුර සිදුව තිබූ බව පොලිසිය පවසයි.
ඉන් යකඩ පට්ටම් පාස්සමින් සිටි ඉන්දියානු ජාතික පෑස්සුම් ශිල්පියා එම ස්ථානයදීම මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පසුව එම ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
අනතුර සිදුකළ ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි රථයකට යටවී පුද්ගලයකු ජීවිතක්ෂයට