
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ දී ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු අද (26) මිය ගිය බව කළුතර උතුර පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් වන අතර ආපන ශාලාවක සේවය කරන්නෙකි.
හොරණ සිට කළුතර දෙසට ලොරි රථය ධාවනය වෙමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබු යතුරුපැදිය මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් පැමිණ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා පෙම්වතිය හමුවීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී ඇති අතර අනතුර වන අවස්ථාවේදී මියගිය පැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිට නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොරි - යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට