(අශෝක තිලකරත්න)
අඟුණකොළපෑලැස්ස කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්වී අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කයිලවැල්පෝටාවේ පදිංචි හේවා ගීගනගේ මාලනී (43) නැමති අවිවාහක අයෙකි.
මෙම අනතුර ඊයේ(03) රාත්‍රියේදී ඇයගේ නිවස ඉදිරිපිට දීම සිදු වී ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඇය කුට්ටිගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.
මරණයට පත් වූ කාන්තාවගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද(04දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි අනතුරින් කතක් මරුට