IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යක්කටුවේ වතුරට මළකඩ මිශ්‍රවෙයි

(එම්.සුසිල් ප්‍රියන්ත)

වසර ගණනාවක සිට තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණිය යක්කටුව ගම්වාසීහු කියති.

එදා තමන් ජල අවශ්‍යතා සපුරාගත් ළිංවල වතුර අවපැහැ ගැන්වීමත්, එම වතුර මළකඩ රසවීමත් එයට හේතුව බවද ඔවුහු කියති.

මේ නිසා සිය ළිංවල වතුර බීමටවත් නොහැකි බව පවසන යක්කටුව ගම්වාසීහු මේ අවපැහැ ගැන්වුණු වතුරෙන් මුව සේදීම, දිය නෑම හා රෙදි සේදීමවත් කළ නොහැකි බවද පවසති.

යම් හෙයකින් සිය ළිංවල ඇති වතුර සිරුරේ ගෑවුණහොත් කැසීමට පටන් ගන්නා බවත්, රෙදි සේදුවහොත් රෙදිවල පැල්ලම් සෑදෙන බවත් ඔවුහු කියති.

සිය ගම්මානයේ නිවෙස්වල නාන කාමර ඇතත් මේ වතුර පරිභෝජනයට නුසුදුසු නිසා නාන කාමරවල ඇති උපකරණ පසෙකලා භාජන වලට වතුර පුරවාගෙන අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිදුවී තිබේ.
       
සිය ජල ගැටලුව විසඳීමට අදාළ බලධාරින්ට ඇත්තේ ඉතාම කෙටි සංසිද්ධියක් බව පවසන එම ගම්වාසීන්, සිය ගම්මානයට මීටර් 500 ක් පමණ දුරකට මහා මාර්ගයේ එළා ඇති ජලනල පද්ධතිය සිය ගම්මානයට යොමු කිරීම පමණකින් එය ඉටුකිරීමට හැකි බවද ගැමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

 



අදහස් (0)

යක්කටුවේ වතුරට මළකඩ මිශ්‍රවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site