IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහරගම නගර සභාවට දෙන ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගරසභාව යටතේ ධාවනය වන වාහනවලට දෛනිකව ලබා දෙන  ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍ර කර ලබාදීමේ වංචාවක් පිළිබඳව වාර්තා වී  ඇතැයි මහරගම නාගරික මන්ත්‍රී  සුරේෂ් නිශාන්ත මහතා (ජ.වි.පෙ ) පැවසීය.

මේ බව අනාවරණය වී ඇත්තේ නගර සභාවට අයත් වාහනයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීමට  ගිය අවස්ථාවකදී බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නගර සභාවේ දෛනික අවශ්‍යතා සඳහා ඩීසල්  ලබාදෙන අතර එලෙස රැගෙන එන ඩීසල් සහිත  බවුසර්වලට  භූමිතෙල් මිශ්‍රවී ඇති බවට අනාවරණය වී ඇතැයි  මන්ත්‍රීවරයා කීය. මේ තත්ත්වය  තවදුරටත් පැවතියහොත්  නගර  සභාවට අයත් වාහනවල නඩත්තුව පිළිබඳව ඉදිරියේ දී ගැටලු රැසක් මතු විය හැකි බවද ඒ මහතා පැවසීය.

මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය පැහැදිලි කර දෙන ලෙසත් එම පරීක්ෂණය ඛනිජ තෙල් සංස්ථාව මැදිහත් නොකර, ස්වාධීන ආයතනයක් හරහා සිදුකරන ලෙසට නගර සභාව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් නාගරික මන්ත්‍රී  සුරේෂ් නිශාන්ත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ  පිළිබඳව මහරගම නගර සභාවේ ලේකම් එස්.එ.කේ.එන්. ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ , මේ පිළිබඳව මාසික සභා රැස්වීමේදී  මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නීතිමය පියවර ගන්නා බවත් ය.



අදහස් (0)

මහරගම නගර සභාවට දෙන ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site