
(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පහක ජනතාවට අසීරුතාවන් ඇති කරමින් සිදු කෙරෙන වැලි ජාවාරම්කරුවන්ගේ බලපෑම් වලට යටත් නොවි සදාකාලිකව මෙම වැලි කැණිම් නවත්වන ලෙසට ඉල්ලමින් මාදම්පේ සුදුවැල්ල ජනතාව අද (8) දහවල් මාදම්පේ කුලියාපිටිය මාර්ගය අයිනේ සිටිමින් සාමකාමි විරෝධාවක නිරතවුහ.
වැලි ව්‍යාපාරිකයින් හා ටිපර් රථ සේවකයින් පිරිසක් මාදම්පේ නව නගරයේ දි වැලි ව්‍යාපාරය පවත්වා ගෙන යාමට බාධා ඇති නොකරන ලෙසට ඉල්ලමින් විරෝධතාවක් පවත්වන බව දැන ගත් මාදම්පේ සුදුවැල්ල පිරිසක් විසින් මාදම්පේ කුලියාපිටිය මාර්ගය අයිනේ සිටිමින් මෙම විරෝධාතව පැවැත්වුහ.
ඊට වැලි ජාවාරම් නිසා අසීරුතාවනට පත්ව ඇති ග්‍රාමසේවා නිලධාරි වසම් පහමකින් පැමිණි පිරිස් එක්ව සිටියහ.
මෙම ගම්වාසින් පසුගිය දින කිහිපයක සිට විරෝධතාවක හා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද පවත්වනු ලැබු අතර පරිසර ඇමැතිවරයා විසින් මේ මස 9 වන දින වන විට මෙම වැලි ජාවාරම් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු කර තීරණයක් දෙන බවට දුරකතන මගින් කළ දැනුම් දීමකින් පසුව එම සත්‍යග්‍රහ ව්‍යාපාරය නවතනු ලැබීය.


2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාදම්පේ වැලි ජාවාරම් වලට අවසර නොදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්