IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි

(තිලකරත්න දිසානායක)

මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙනගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

වත්තල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවා දෙදරු පියෙකු වන අතර මොහු මගී ප්‍රවාහන සේවාවක රැකියාව කරන අතරතුරදී  මිනුවන්ගොඩ, ගම්පහ  ඇතුලු අවට ප්‍රදේශයන්ට මත් කුඩු අලෙවි කරනු ලබන බව අනාවරණය වී ඇති බවත් සැකකරු සන්තකයෙහි තිබී වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 15 ක් සමග රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෝටර් රථයද මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත් කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටුගොඩ සහ නැදගමුව යන ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන මත්කුඩු බෙදාහරිනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැගන් ආර් වර්ගයේ  සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් ගම්පහ, මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශයන්ට මත්කුඩු බෙදාහැරීම කරනු ලබන බවයි.

මේ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් දින කිහිපයක් තුළ සිදුකළ පරීක්ෂණයේදී මිනුවන්ගොඩ, නැදගමුව වැවේ හන්දිය අසලදී අදාල වෑන් රථයෙන් හෙරොයින් රැගෙන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙම සැකකරු සමග මත්කුඩු බෙදාහරිනු ලබන ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු  බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂණ සිදුකෙරණි.

සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31538 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13890 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site