(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, පුලියන්කුලම, උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 51 හැවිරිදි පවුල් සෞඛ්‍ය සේවිකාවක් බස් රථයකට යටවීමෙන් අද(08) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ අනුරාධපුර, තම්මැන්නාකුලම පදිංචිව සිටි ගමේවත්තේ ගෙදර සෝමාවති මැණිකේ නැමති පවුල් සෞඛ්‍ය සේවිකාවකි. ඇය දෙදරු මවකි.
ඇය රඹෑව රෝහලේ සේවය කරන අතර ඇය සිය නිවසේ සිට රඹෑව රෝහලට යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදි අනතුර සිදුව ඇත. උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි එම දිසාවටම ගමන් ගනිමින් තිබු බස් රථය යතුරුපැදිය ගැටී ඊට යටවී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද බව පොලිසිය කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මිය ගොස් තිබුණි.
මෙම අනතුරට සම්බන්ධ බස් රථය රජරට විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් වන අතර එහි රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවිස්සාවේල්ල, දෙහිඕවිට, ඇල්ලේගොඩ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් රථයකට යට වී පවුල් සෞඛ්‍ය සේවිකාවක් මරුට