
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර අලුබෝමුල්ල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ ආබාධිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පානදුර දකුණු පොලිසිය කියයි .
මියගිය පුද්ගලයාගේ පරිහරණය කළ බව කියන ආබාධිත පුද්ගලයන් පරිහරණය කරන රෝද තුනේ පා පැදියක් හා අත්වාරුවක් බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල තිබී හමුවූ බව පොලිසිය කියයි
මියගිය පුද්ගලයා මීට දින දෙකකට පමණ ඉහතදී බොල්ගොඩ පාලම අසල තිබෙන විහාරස්ථානය ඉදිරිපිට සිට එහි පැමිණෙන බැතිමතුන්ගෙන් උදව් උපකාර ඉල්ලමින් සිඟමන් යදිමින් සිටි බව අනාවරණය වූ බව පොලිසිය කියයි
එම පුද්ගලයා බොල්ගොඩ පාලම මතින් ළඟට පැන්නාද, වැටුණාද , යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය වැඩිදුර විමර්ශන සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලිසිය කියයි

2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි