IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී

(මනෝප්‍රිය ගුණසේකර)
 
බනිස් ගෙඩියක තිබූ ඇල්පෙනිත්තක් උඩු තල්ලේ ඇණුනු කාන්තාවකට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට ති‍බූ වන්දි මුදල රුපියල් 100,000  දක්වා වැඩි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (31) නියම කළේය.
 
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් වන්දි මුදල ගෙවීමේ තීන්දුව ඉවත දමා තම ආයතනය නිදහස් කරන්නැයි ඉල්ලමින් එම ආයතන හිමිකරු මනෝජ් ලසන්ත විරාජ් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කොට තිබූ අභියාචනය ඉවත දැමූ මහාධිකරණය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වන්දි මුදල දස ගුණයකින් වැඩි කොට අගතියට පත් කාන්තාවට ගෙවීමට නියම කළේය.
 
2011 වසරේ දෙසැම්බර් මස 01වැනිදා මරදාන ප්‍රදේශයේ පිහිටි මෙම බේකරි නිෂ්පාදන ආයතනයක ශාඛාවකට පැමිණි කාන්තාව බනිස් ගෙඩි දෙකක් මිලදී ගෙන ආහාරයට ගනිමින් සිටියදී ඇගේ උඩු තල්ලේ ඇල්පෙනිත්තක් ඇණුනු බව දැක ඒ පිළිබඳව එහි සිටි සේවිකාවට පැමිණිලි කොට ඇති බවත් හෙළි විය. එම සේවිකාවගේ දැන්වීම මත ආයතනයේ හිමිකරුට පැමිණිලි කළ විට බොරු නොකියන ලෙස පවසමින් ඇය ඉන් පිටත් කළ බවත් අනාවරණය වී ඇත. ඇය මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආයතනයට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
 
ජනතාවට ආහාර සපයන හෝටල් සහ බේකරි නිෂ්පාදන ආයතන ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඒවායෙන් සිදුවන වැරදි සුළුකොට තැකිය නොහැකි බව විනිසුරුවරයා පැවසීය.
 
වන්දි මුදල් ගෙවීමට අදාළ ව්‍යාපාරිකයා විසින් කල් ඉල්ලා සිටීම නිසා එයට අවසර දුන් විනිසුරුවරයා රුපියල් ලක්‍ෂ 500,000 ශරීර ඇපයක් මත ඔහු මුදාහැරීමට නියම කළේය.
 
 

 



අදහස් (0)

බනිස් ගෙඩියක ඇල්පෙනෙත්තෙන් බේකරි හිමියාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site