
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගර මධ්‍යයේ පිහිටි බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ කොටසක් (4) අද පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් එහි වෙළෙඳසල් දෙකකට අලාභහානි වී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
උලු සහ ටකරන් සෙවිලි කර ඉතා අබලන්ව ඇති බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ උලු සෙවිලි කර තිබූ කොටසක් මෙසේ හදිසියේ එක් වරම කඩා වැටිණ.
එම අවස්ථාවේ එහි පිහිටි රූපලාවණ්‍යගාරයක්, සහ බෑග් මසන ස්ථානයක් වසා තිබීම් හේතුවෙන් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු නොවූ බව පොලිසිය පැවසීය.
එම වෙළෙඳසල් දෙකේ තිබූ දේපළ වලට අලාභහානි වී තිබේ.
බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණය ඉතාමත් පැරණි එකක් වන අතර එහි ගොඩනැගිල්ල මෙන්ම වහලයද ඉතාමත් අබලන් වී ඇතැයි එහි වෙළෙන්දෝ පැවසූහ.
මීට පෙර කිහිප වරක් මෙහි වහලයේ කොටස් කඩා වැටීමෙන් පාරිභෝගික ජනතාව කිහිපදෙනක් තුවාල ලැබු බවත් එම වෙළෙඳසල් හිමියෝ කීහ.


2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලය කඩා වැටෙයි