IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බදුල්ල - මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිටී

 

(නිශාන්ත කුමාර)
 
බදුල්ල - මොරහෙල ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල අකුරුකඩුව එකේ කණුව  ප්‍රදේශයේ  ගෙවත්තක තිබූ දැවැන්ත මැහෝගනී ගසක් අද (18) සවස මුලින් ඉදිරී මාර්ගය අයිනේ තිබූ විදුලි රැහැන් පද්ධතියද කඩාගෙන මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් ඒම මාර්ගයේ ප්‍රවාහන කටයුතු මුලුමනින්ම ඇනහිටියේය.
 
ගස කඩා වැටුණූ ස්ථානය අවට නිවාස කිහිපයක්ම පිහිටා තිබුණ ද එම මහෝගනී ගස මාර්ගය මතට කඩා වැටීම නිසා සිදුවීමට තිබූ මහත් විනාශයක් වැළකී ගියේය.ගස කඩා වැටීම හේතුවෙන්  ප්‍රදේශයට විදුලිය සපයන  විදුලි රැහැන් පද්ධතියක් මුළුමණින්ම කඩා වැටී ඇති අතර විදුලි කණු කීපයක්ද බිදී ගොස් ඇත.
 
මේ වන විට ප්‍රදේශයට ඇදහැළෙන මහවැසි හේතුවෙන් මාර්ගය අයිනේ තිබූ මෙම මාර ගසේ මුල් බුරුල්වී  මාර්ගය හරහා කඩා වැටී ඇති අතර අද (18) සවස 7.00 පමන වන විටත් මාර්ගය හරහා කඩා වැටුණු ගස ඉවත් කිරීමට හෝ විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන නොතිබිනි.
 
ගස කඩා වැටීමත් සමග මාර්ගය මුළුමනින්ම අවහිර වීම හේතුවෙන් මීගහකිවුල, ඇකිරිය කළුගහකදුර  පිටමාරුව, මොරහෙල කැටවත්ත ආදී ප්‍රදේශ රැසක් වෙත ගමන් ගන්නා බස් රථ ඇතුළු ප්‍රවාහන සේවා රැසක් අඩාල වී ඇතැයි ජනතාව පවසති.
 
කෙසේ වෙතත්  විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාගමන කටයුතු සිදුවන බව මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (0)

බදුල්ල - මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site