IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක්

(නිශාන්ත කුමාර)
 
බදුල්ල නගරය හා අවට ප්‍රදේශයන්හි  වායුගෝලයේ ගුණාත්මක භාවය  පරීක්ෂා කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රය තුල වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික්  ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා පැවැසීය.
 
බදුල්ල දිස්ත්‍රික් ලේකම්   දමයන්ති පරණගම මහත්මියගේ   උපදෙස් හා මග පෙන්වීම මත බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ  අධීක්ෂණය  යටත් මෙම වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණය සවි කිරීමට පියවර ගෙන ඇත.
 
මෙම උපකරණය මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින සියුම් දුවිලි අංශු, කාබන්ඩයොක්සයිඩ්, උෂ්ණත්වය, ආර්ද්‍රතාව හා වායුගෝලීය පීඩනය පිළිබඳව දත්ත විශ්ලේෂණය කරනු ලබයි. සොභාදහමේ සියලු සංරචකයන්ට යහපත් වන ආකාරයට වායුගෝලයේ සියලු සංරචක සමතුලිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍යවන තොරතුරු  ලබාගැනීමට  අපේක්ෂා කරන බවද උදය කුමාර මහතා පැවැසීය.
 
මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ සිට ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කය හා තවත් බොහෝ දිස්ත්‍රික්කයන් ආවරණය කරමින් අහස තුල ව්‍යාප්ත වූ දුම් වලාවන් සමඟ ලත් අත්දැකීම් සමඟින් වායුගෝලයේ පවතින ගුණාත්මක භාවය   අධීක්ෂණය කිරීමත් ඒවැනි තත්ව යටතේ බදුල්ල ප්‍රදේශය තුල සිදුව ඇති පාරිසරික වෙනස්කම් අධ්‍යයනය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම ඒකකය ස්ථාපිත කර ඇත.
 
චීනයේ, බංගලාදේශයේ හා ඉන්දියාවේ වායු ගෝලය තුල සිදුවන විවිධ වෙනස්කම් වල බලපෑම් ඍජු ලෙසම ශ්‍රී ලංකාවේ වායුගෝලය බලපාන හෙයින් මේ පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටීම අනාගත අවදානම් තත්ත්ව කළමනාකරණයට ඉතා වැදගත් වන බවත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මෙහි තාක්ෂණික ඇගයීම දිගින් දිගටම අධීක්ෂණයට ලක් කරකරන බවත් උදය කුමාර මහතා වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13552 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site