IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 336 අත්අඩංගුවට ගෙන විනාශ කරයි

(නයෝමි දිල්රුක්ෂි)

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 363 සහ සෝසේජස් කිලෝ 21 හා ඩ්‍රම්ස්ටික් කිලෝ 45 ක් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වීනාශ කළ බව කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද (03) පස්වරැවේ පැවසීය.

බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාශය තුළ සිදු කළ ආහාර වැටලිමක් අතරතුර අධි ශිතකරණ පහසුකම් නොමැතිව ප්‍රවාහනය කළ කුකුළු මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ඉඹුල්ගල මංසංදියන් ධාවනය කරමින් තිබු ලොරි රථය පිලිබදව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතාට සැක සිතී මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  පසුපස හබාගොස් සිදු කළ පරික්ෂාවකදී ප්‍රවාහනයට අවශ්‍යය වන ශිතකරණ පහසුකම් නොමැති ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.

අද පස්වරුවේ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම කුකුළු මස් තොගය විනාශ කර රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත සැකකරු මුදා හැර ලබන 26 දින නඩුවට පෙනි සිටින ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් තුමිය නියෝග කළාය.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ වලක් කපා භුමිතෙල් යොදා අත්අඩංගුවට ගත් කුකුළුමස් තොගය වල දැමිමට කටයුතු කෙරිණි.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එන්.ඩී.සී. දිල්රුක්ෂි මහත්මියගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. අතුකෝරල මහතාගේ මෙහෙයවිමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක ඩබ්ලිව්.ඵම් අමරතිලක සෞඛ්‍ය කාර්ය සහයක යු.සී.ජේ. සම්පත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ආහාර වැටලීම සදහා ඵක්ව සිටියහ.

 



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 336 අත්අඩංගුවට ගෙන විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site