IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පියාට මන්න පහර ගැසූ පුතා අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 

අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්  සිය පියාගේ ගෙලට මන්නයකින් පහර දී බරපතළ තුවාල සිදු කළ පුතා අත්අඩංගුවට ගත්  බව අතුරුගිරිය පොලීසිය පවසයි .

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව  හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය 

වෘත්තියෙන් පෙදරේරුවකු වන 62 හැවිරිදි තුවාලකරු බාල පුතුන් දෙපළ  සමඟ නිවසේ රැඳී සිටියදී 23 හැවිරිදි  වැඩිමහල් පුත්‍රයා අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණ ඇතැයි පැවසේ .

එහිදී පියා සමග  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්  නිවසේ මුළුතැන් ගෙයි තිබූ මන්නයක් ගෙන තම පියාගේ ගෙළට මෙසේ පහරදී බරපතළ තුවාල සිදුකර තිබූ බව පැවසේ .

පහරකෑමෙන් ගෙලෙහි කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව කියයි.

ඒ අනුව  හොමාගම මූලික රෝහලේ පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි  පොලිස් සැරයන් ගුනරත්න මහතා විසින් අතුරුගිරිය පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කෙරිණි .

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථායට ගොස් පරීක්ෂා කිරීමේදී බීමතින් කලහකාරීව සිටි සැකකරු අත්අඩංගුවට ගත් අතර ප්‍රහාරය එල්ල කල මන්නය ද පොලිස් බාරයට ගෙන තිබේ. 
 



අදහස් (0)

පියාට මන්න පහර ගැසූ පුතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31533 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13872 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1077 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site