IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පන්නල ප්‍රා. සභා රැස්වීම මැද මන්ත්‍රීවරු පිටව යති


(හේමලතා ඩී. හේවගේ)  
                                  
පන්නල ප්‍රාදේශීය සභාවේ මහා සභාව පැවති අද (09) දින එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පන්නල  ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සමගි ජන බල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස, වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී කාලය සීමාකිරීමට විරෝධතාවය පාමින් සභාවෙන් පිටව ගියහ.
 
වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී සභාවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට පොදුවන සේ කථාව විනාඩි පහකට සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි සුපුන් රංගන මහතා යෝජනා කළේය. ඒ සමග විපක්ෂය නියෝජනය කළ නන්දසිරි පරාක්‍රම මන්ත්‍රීවරයා මාසයකට වරක් රැස්වන මෙම සභාවේදී මන්ත්‍රීවරුන්ගේ කාලය සීමා කිරීම ඔවුනට කරන අසාධාරණයක් බවත් විපක්ෂයක් හැටියට එයට විරුද්ධ වන බවද පැවසීය.
 
සභාවේ අදහස් දෙකක් මතුවීම නිසා ඡන්දයක් පැවැත්විය යුතුබව පැවසූ සභාපති රංජිත් ලංසක්කාර මහතා ඡන්ද විමසීමක් සිදුකරනු ලැබූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 19 ක් විපක්ෂව ඡන්ද 10 ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු සිව්දෙනා ඡන්දය ප්‍රකාෂ කිරීමෙන් වැළකී සිටියහ.
 
අනතුරුව සමගි ජනබලවේගය නියෝජනය කරන විපක්ෂ නායක චන්දන ප්‍රසාත් මහතා ඇතුඵ මන්ත්‍රීවරුන් පිරිස සභාවෙන් පිටව ගිය අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ඇතුඵ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සභාපති රංජිත් ලංසක්කාර මහතා සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියේය.



අදහස් (0)

පන්නල ප්‍රා. සභා රැස්වීම මැද මන්ත්‍රීවරු පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site