IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නිවසක බිත්තියක කුටීරයකින් ලක්ෂ 23ක කේරළ ගංජා මතුවෙයි


(ටී.එච්.සරත්)

තලාතුඔය පොලිස් වසමට අයත් මුදුනකඩේ ඩිපෝව පාරේ ඇති අතුරු මාර්ගයකදී රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර  උප ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදුනකඩේ ඩිපෝව පාරේ කුලී නිවසේ බිත්තියක වු රහස් කුටීරයක තිබී  මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ. මෙම නිවස ආරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇතැයි සැක කෙරේ.

මොහු වයස අවුරුදු 38 ක් වු පුද්ගලයෙකු  වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. මොහු ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නෙකු ලෙස අනුරගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් ද පවත්වා ගෙන ගොස් තිබේ.

මෙම පුද්ගලයා අනුරගම, හා ඩිපෝව පාර මුදුනකඩේ යන ප්‍රදේශ වල පදිංචිකරුවෙකු ලෙස ලිපිනයන් දෙකක් ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා තලාතුඔය පොලීසිය මඟින් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිවසක බිත්තියක කුටීරයකින් ලක්ෂ 23ක කේරළ ගංජා මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31398 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13647 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11022 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site