IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාවලපිටිය කැටබුලාව මාර්ගයේ ගමනාගමනයට බාධා

(සිසිර ලලිත් කුමාර)
     
නාවලපිටිය කැටබුලාව හරහා කොත්මලේ මාර්ගයේ නවතිස්පනේ හෙනවල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු අද(20) අලුයම සිට සම්පූර්ණයෙන්ම අඩාල විය.
          
කැටබුලාව  ප්‍රදේශය අලුයම සිට නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළඟ  සමඟ මාර්ගය ආසන්නයේ තිබූ විශාල ප්‍රමාණයේ  ටර්පන්ටයින් ගසක් ඉදිරී වැටී ඇත. ගස වැටීමේදී මාර්ගයට යාබදව ඇද ඇති විදුලිය රැහැන්වලටද හානි සිදු වීමෙන් එම ප්‍රදේශයට විදුලිය සැපයුමද අඩාල විය.
         
මෙම ගස කඩා වැටීම හේතුවෙන් රොජර්සන්ගම සිට නාවලපිටිය හරහා මහනුවර ට ධාවනයවන බස් රථ, තිස්පනේ හරහා නාවලපිටිය  දක්වා ධාවනයවන බස් රථ හා අනෙකුත් වාහන ධාවනවලට ද බාධා එල්ල වීය.

(ඡායාරූප - ගාමිනී බණ්ඩාර ඉලංගන්තිලක)



අදහස් (0)

නාවලපිටිය කැටබුලාව මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site