
(සිසිර ලලිත් කුමාර)
නුවරඑළිය, නානුඔය, උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්, වතු පාලනාධිකාරියට එරෙහිව අද (21) උද්ඝෝෂණයක නිරත වූහ.
කැලණිවැලි වැවිලි සමාගමට අයත්, උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවන් ඉකුත් 11 වැන දින සිට දෛනික සේවයට වාර්තා නොකරමින් දින 10 ක් සම්පූර්ණ වන අද මෙම විරෝධතාව පැවැත්වූහ. මෙම උද්ඝෝෂණය සඳහා වතු කම්කරුවෝ 300 ක පමණ පිරිසක් එක්ව සිටියහ.
දිනක වැටුප සඳහා එක් කම්කරුවෙකු අමු තේ දලු කිලෝ 18 ක් නෙළිය යුතු බවත්, මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග අමු තේ දලු පළදාව බෙහෙවින් පහත බැස ඇති නිසා කිලෝ 18 ක් නෙළීම දුෂ්කර බවත් ඔවුහු කීහ. කිලෝ 18 ට අඩුවෙන් නෙළන වතු කම්කරුවන්ට දින බාගයක වැටුප සඳහා නම ඇතුළත් කරන බවත්, එම තත්වය නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වන බවත් පවසන වතු කම්කරුවෝ වතු පාලනාධිකාරියෙන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් විරෝධතාවයේ යෙදෙන බව පැවැසූහ. ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.



2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නානුඔය වතු කම්කරුවෝ විරෝධතාවක