(රංජිත් රාජපක්ෂ)
පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අද (4) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපොප මල්දෙණිය මහතා පැවසිය.
මතුරට පොලිස් වසමට අයත් දඹේතැන්න ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිරිසක් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කට්ටඩියෙකු , පියෙක් සහ පුතෙකු ඇතුළු 08 දෙනෙකු වන බවත් , නිධන් හැරිමට උපයෝගී කරගත් උපකරණ රැසක් සහ පුජා උපකරණ රැසක් පොලිස් බාරයට ගැණිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 -40 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් , සැකකරුවන් මතුරට ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති