
(සිතුම් චතුරංග)
ධීවර බෝට්ටු තුළ සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මන්නාරම, ධීවර තොටුපළක සඟවා තිබූ වියළි කහ කිලෝ 305 ග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් වියළි කහ ගෙන්වන පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත ධීවර තොටුපළ ආශිතව සිදු කළ පරීක්ෂාවක දී වියළි කහ තොගය හා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කිසිවෙකුට සැක නොසිතෙන පරිදි ගෙන්වූ කහ තොගය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක පටවා කොළඹට රැගෙන යාමට නියමිතව තිබූ බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරු වියළි කහ ගෙන්වීමට යොදා ගත් ඩිංගි යාත්‍රාකවද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් ඉන්දියාවට ගොස් මෙම වියළි කහ රැගෙන ආවේද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.
රජය විසින් කහ ආනයනය තහනම් කර ඇති අවස්ථාවක නීතිවිරෝධී ලෙස ජාවාරම්කරුවන් මෙලෙස කහ රැගෙන ඒම සිදුකරන බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම එමිල්නගර් පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ධීවර තොටුපළක කහ කිලෝ 305 ක්