IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඩයමේ ගිය පුද්ගලයා තුවක්කුවට බිළි

(  ඉන්දික අරුණ කුමාරසහ කාංචන කුමාර ආරියදාස)

නාඋල - මහකුමාරගල රක්ෂිත වනාන්තරයේ හාඩුවෙල ප්‍රදේශයේ දී පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි වැදි මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.

දඩයම් කිරිම සදහා පුද්ගලයින් පස් දෙනෙකු මහකුමාරගල රක්ෂිත වනාන්තර ප්‍රදේශයට ඇතුළුවී ඇති බවත් ආපසු එන ගමනේ දී අලි වැටෙන් රිංගා යාමට  ඔහු සතුව තිබු ගිනි පතොරම් තුවක්කුව පසුපසින් පැමිණි පුද්ගලයාට ලබාදි අලි වැටෙන් රිංගා යාමට උත්සහ කරන අවස්තාවේ දී පසු පසින් සිටි පුද්ගලයා අතින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඉදිරියෙන් ගමන් කල පුද්ගලයාට වෙඩි වැදි ඇතැයි ගමන් කල සෙසු පිරිසේ අයවලුන් පොලිසියට සදන් කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වහකෝට්ටේ, සියඹලාගහවෙල ලිපිනයේ පදිංචිව සිටි ලීනස් විජේරත්න නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය විමර්ෂන ආරම්භ කර ඇති අතර පස්චාත් මරණ පරික්ෂණය අද (11) පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (0)

දඩයමේ ගිය පුද්ගලයා තුවක්කුවට බිළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site