IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණට නව ලංගම බස් රථ 65ක් එක්කරයි

(ජේ.කේ.එල්. චාමින්ද)
 

දකුණු පළාතේ දෛනිකව ධාවනය වන ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව 440 දක්වා  වැඩිකර ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන ගමන මණ්ඩලයේ දකුණ ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු  ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
 
මේ වනවිට දුරගමන් සේවා බස් රථ ධාවනය ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පවසයි. මීට පෙර දිනපතා ධාවනය වුයේ බස්රථ 375ක් බව සදහන් කළ  ප්‍රභාත් කුමාර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් මත   බස්රථ ධාවනය  මෙම සතියේ සිට වැඩිකිරීමට පියවරගත් බවද  පවසයි. දකුණු පළාතේ ලංගම ඩිපෝ 11ක් හරහා මෙම බස්රථ ධාවනය කිරීමට කටයුතු යොදාඇති බවද ඒ මහතා පවසයි.
 
බස්රථ ධාවනය වැඩිකිරීමත් සමග  ශ්‍රී ලංගමයේ දෛනික ආදායමද රුපියල් ලක්ෂ 51 දක්වා වැඩිවී ඇති බවද හෙතෙම පවසයි. මීට පෙර  රුපියල් ලක්ෂ 41ක දෛනික ආදායමක් ලැබු බවත් එම  ආදායම මේ වනවිට ලක්ෂ 51 දක්වා වැඩි වී ඇති බවද ප්‍රභාත් කුමාර මහතා පවසයි.  සියලුම සිසු සැරිය බස්රථද මේ වනවිට ධාවනයට එක්කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 



අදහස් (0)

දකුණට නව ලංගම බස් රථ 65ක් එක්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site