(හේමලතා ඩී හේවගේ)
දංකොටුව නගර මධ්‍යයේ පිහිටි ප්ලාස්ටික් ඇතුළු විවිධ ත්‍යාග භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක ඇතිවූ හදිසි ගින්නකින් එම ව්‍යාපාරික ස්ථානය මුළුමනින්ම විනාශ වී ඇති බව දංකොටුව පොලීසිය කියයි.
මීගමුව නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් උපයෝගී කර ගනිමින් ගින්න පැතිරීම මැඩපැවැත්වීමට පොලීසිය සහ නගරවාසීන් එක්ව කටයුතු කළ බවද පොලීසිය පවසයි.
මෙම ගින්න කෙසේ ඇතිවූවාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබන අතර සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැති බවද පැවසේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.