(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ස්ථාපිත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
මෙතෙක් කල් පවත්වා ගෙන රත්ගම ,මාදම්පාගම සහ වඳුරඹ උප කාර්යාල තුන මාර්තු 1 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත් කර ඇත.
ඒ අනුව මෙතෙක් 19ක් ව තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව 22ක් වනු ඇත.
මෙතෙක් රත්ගම සහ මාදම්පාගම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ අතර වඳුරඹ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබිණි.
රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 32ක් ද මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 38ක් වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 22ක් අයත්වේ.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලට අලුතෙන් ප්‍රා. ලේ කාර්යාල තුනක්