IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුවන් හමුදා ට්‍රක් රථයේ ගැටුණ පුතු මරුට මවට බරපතලයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව හලාවත මාර්ගයේ කුමාරගම ප්‍රදේශයේදී අද (24) සවස ගුවන් හමුදා ට්‍රක් රථයක ගැටීමේන් යතුරු පැදියක ගමන් කළ පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පැතුම් ශ්‍රී සමන්තිලක නැමති අයකු බව කියයි.

අනතුරට ලක්වු මව හා පුතු කඩිනමින් ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදී පුතා මරණයට පත්වු බවත් බරපතල තත්වයේ පසුවු මව පුත්තලම මුලික රෝහලට ප්‍රථිකාර සදහා යොමු කර ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත්වු තැනැත්තා සිය මව සමග යතුරු පැදියෙන් ආණමඩුව දෙසට ගමන් කරමින් සිටියදි ආණමඩුව දෙසින් පැමිණි ගුවන් හමුදා ට්‍රක් රථය කුමාරගම අතුරු මාර්ගයට එකවර  හැරවීමේදී යතුරු පැදිය ට්‍රක් රථයේ ගැටී ඇති බව කියයි.

අනතුරට සම්බන්ධව ගුවන් හමුදා ට්‍රක් රථය ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණය ප්‍රතිසංස්කරණය කිරිමට බොරළු රැගෙන එමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධව ගුවන් හමුදා ට්‍රක් රථ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

ගුවන් හමුදා ට්‍රක් රථයේ ගැටුණ පුතු මරුට මවට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site