IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංවතුරෙන් කිලිනොච්චිය, යාපනය සහ මන්නාරමේ පවුල් 3000 ක් අවතැන්


 
 

(රොමේෂ් මධුෂංඛ)
                    
මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර් යාල පවසයි.


වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ වන අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාන් ජලය නිසාවෙන් ගංවතුර තත්වයක් ඇතිව තිබේ.


මේ අනුව කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පුද්ගලයින් 14,000 කට අධික පිරිසක්ද, යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පුද්ගලයින් 2000 කට අධික පිරිසක් සහ මන්නාරම දිස්ත්‍රීක්යේ පුද්ගලියින් දහසකට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලයන් විසින් පෙන්වා දෙයි.  


කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

ඡායාරූප - සිතුම් චතුරංග



අදහස් (0)

ගංවතුරෙන් කිලිනොච්චිය, යාපනය සහ මන්නාරමේ පවුල් 3000 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site