IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගමේ බස්රථය ඉල්ලා මීගහවෙලවැසියෝ බදුලු ඩිපෝවට කඩාපනිති


(පාලිත ආරියවංශ)
 
තම ගම්මානයේ එකම බස් රථය මාසයක පමණ කාලයක සිටි නතර කර දමා ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා  සොරණාතොට මීගහවෙල ගම්මාන ජනතාව අද (23) බදුල්ල හිඳගොඩ පිහිටි බදුල්ල ලංගම ඩිපෝ පරිශ්‍රයට කඩා වැදීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.
 
මීගහවෙල විහාරස්ථානයේ විහාරාධිපති පී.සේනානන්ද හිමිවරු, සාමනේර හිමිවරු හා ගම්වැසියන් සිය දෙනෙක් පමණ  මෙම විරෝධතාවයට එක්ව සිටියහ. ලංගම බදුල්ල  ප්‍රාදේශීය  ධාවන කළමණාකරු සහ බදුල්ල ඩිපෝ කළමණාකරු ඔවුන් හා සාකච්ඡා කිරීමට ගම්වැසියන්ට අවස්ථාව ලබාදුන්නේය.
 
මීගහවෙල ගම්මානයේ පවුල් 370 ක පමණ සිටින බවත්, ඔවුන් ගමන් බිමන් ගියේද පාසැල් සිසුන් 80 දෙනෙකු බදුල්ලේ පාසැල් සඳහා ගියේද මෙම  එකම බස්රථයෙන් බවත් ගම්වැසියෝ පෙන්වාදුන්හ. මීට අමතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ පිරිවෙන් ගියේද මෙම බස්රථයෙන් බව ඔවුහු පැහැදිළි  කළහ.
 
මේ සඳහා විසඳුමක් ලබාදීමට නොහැකිව ඇත්තේ  පවතින සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා බව ලංගම නිලධාරිහු කියා සිටියහ.
 
කෙසේ නමුත් මාර්තු 2 වනදා වන විට විසඳුමක් ලබාදෙන බවට ප්‍රාදේශීය ධාවන කළමණාකාර  එල්.එස්. ලියනගේ මහතා පොරොන්දු වීමෙන් පසු විරෝධතාවය අවසන් කර ගම්වැසියෝ ඩිපෝ  පරිශ්‍රයෙන් ඉවත්ව ගියහ.



අදහස් (0)

ගමේ බස්රථය ඉල්ලා මීගහවෙලවැසියෝ බදුලු ඩිපෝවට කඩාපනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site