(තිලකරත්න දිසානායක)
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් මෙම මස 15 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කරන බව , ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.
මෙම කමිටු රැස්වීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ සහභාගීත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදී ගොඩහේවා මහතා සදහන් කර සිටියේ, ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ හි පාසල්වල සමාලෝචන වාර්තා කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඒ අනුව සෞඛ්‍ය අංශ උපදෙස් සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශය අනුව පාසල් යළි ආරම්භ කිරීම සිදු කෙරෙන බවයි.
පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.මල්ලවආරච්චි මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ තවදුරටත් පාසල් වසා තැබීමෙන් සිසු දරුවන්ට විශාල පාඩුවක් සිදු වන බැවින් පවතින කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දෙමින් සහ පැන නගින ගැටළු අනුව ඒවාට විසදුම් ලබා දීම සිදු කරමින් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා 15 වෙනි දින පාසල් යළි විවෘත කිරීම සිදු කෙරෙන බවයි.
2025 නොවැම්බර් මස 04
670
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ කොට්ඨාසයේ පාසල් 15 දා සිට ඇරඹෙයි