IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කලවාන වෙළෙඳසැල් 04ක් වසයි

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන නගරයේ වෙළෙඳසැල් 04ක් අද ( 09) වසාදැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .

වසාදැමූ එක් වෙළෙඳසැලක පුද්ගලයකු හට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඉතුරු වෙළෙඳසැල් 03 තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

කොරොනා ආසාදනය වී ඇති වෙළෙඳසැලේ පුද්ගලයා එම වෙළෙඳසැල් වලට ගොස් ඇති බවත් ඒ හේතුවෙන් එම වෙළෙඳසැල් වල සේවකයන් ඇතුළු පිරිස පී.සී.ආර් පරීක්ෂණ සිදුකර නිරෝධානයට ලක්කර ඇති බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. පසුගිය 04 වැනිදා සිදුකල පී.සී.ආර් පරීක්ෂණ 160 මේ වනවිට ලැබීඇති පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 10 දෙනෙකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් මේ වන විට කලවාන ප්‍රදේශයෙන් කොරොනා ආසාදනය වූ පුද්ගලයන් 32ක් වාර්තා වන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

කලවාන වෙළෙඳසැල් 04ක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site